History

ඉහගම
 ශ්‍රී සුගත මහා විහාරය  
     
                 උඩරට රාජධානියේ රජවරුන් නිතර පැමිණි ගබඩා ගමක්වුද, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන්නවු ද ග්‍රාමවරයකි.ඓතිහාසික හාරිස්පත්තුවේ ඉහගම ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම වූ රාජකීය දේවගුප්ත කුමාර පරපුරෙන් පැවත එන ප්‍රෞඩ  ජනතාවක්‌  ජීවත්වන ඉහගම ග්‍රාමයේත් ගම්වැසි ජනතාවගේත් සම්භාවනීයත්වය වැඩි වන්නට හේතු වී ඇත්තේ ඉහගම ශ්‍රී සුගතමහ විහාරයයි.

                 උඩරට අමරපුර නිකාය මධ්‍යම පළාතේ ආරම්ඹ  කිරීමට පුරෝගාමී වූ පුජ්‍යය අංගොඩ සංඝානන්ද හිමියන්ට මුලික රැකවරණය සැලසුවේ මෙම විහාරස්ථානයේය.දැනට මෙම විහාරස්ථානය පිහිටි භුමිය තුල ඓතිහාසික නගසක් ඇත්තේය.වසර දහස් ගණනක් පැරණි මේ වෘක්‍ෂ මුලයේ අතීතයේ දේවාලයක් පැවති බවට තොරතුරු ඇත.අංගොඩ සංඝානන්ද නාහිමි උපසපන් වී ප්‍රථම ධර්ම දේශනාවෙන් පසු මුලින්ම මෙම දේවාලය තුල ආරක්ෂිතව වැඩසිටි බව පුරාවෘර්තයයි. යටත් විජිත එම යුගයේ ඇති වූ යම් සිද්ධියක් එයට හේතු වූ බව පැවසේ.පසුව එම ස්ථානයේ විහාරස්ථානය ගොඩ නගා අභිනවාරාමය නමින් පවත්වාගෙන ගිය අතර සංඝානන්ද නාහිමියන්ගේ ප්‍රථම වස්සාන කාලය ගතවුයේ මෙහිදීය.පසුව මෙම විහාරස්ථානය ශ්‍රී සුදර්ශනාරාමය යන නමින් හදුන්වා  ඇත.මෙම පුණ්‍යය භුමියෙහි ආරම්භය ක්‍රිව 1854 දී සිදුවී ඇති බවට සාක්ෂි පවතී.
   
                    ශතවර්ෂාදික  කාලයක් ගතවී ඇති ඉහගම මහා විහාරය ලක් ඉතිහාසය සමග සම්බන්ධ වීමට හේතු ගණනාවක්ම වෙයි.අප නිකායේ මුලස්ථානයක් වුවා සේම විදේශිකයන්ට යටත් වූ ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් පෙරමුණට වැඩම කල ඉහගම තෙරුන් වහන්සේද මෙම විහාරස්ථානය ඇසුරුකොට ඇත.එසේම මෙහි ආදිතම දායකයෙකු වූ "බබසා" නම් වීරවරයා 1818 ජාතික නිදහස් කැරැල්ලේ සේනා අණුඛණ්ඩයක් බාරව ක්‍රියා කළ සෙන්පතියෙකි.මෙහි ආරම්භක තවත් දායකයෙකු වූ "මහත්තයෝ" නම් නිර්භීත ගම්පතියා එකල සිටි ඉංග්‍රීසි නඩුකාරයාට පවා අභියෝග කල බව පැවසේ.යම්කිසි නඩුවකට ඉදිරිපත් වූ කල්හි මොහුගේ අභියෝගය නිසා නඩුකාරය විසින් මොහුගේ උඩු රැවුල හා කොණ්ඩය කැපීමට නියම කරන ලදී.එයට විරුද්ද වූ මොහු කොණ්ඩය වැවීම හා එය බදාගෙන සිටීම තමාගේ පාරම්පරික උරුමයක් බව පෙන්වා එංගලන්තයේ මහරජුට ඇපෑලක්  ඉදිරිපත්කොට ජයග්‍රහණය කිරීමට තරම් නිර්භීත විය.ජීවිතය පරදුවට තබා හෝ තමන්ගේ පාරම්පරික උරුමයන් රැක ගැනීමට මහත් අභිමානයක් ඇතිව ක්‍රියා කළ ය ඉහගම එදා සිටි බව මේ ප්‍රවුත්තියෙන් ප්‍රකට වේ.

                        ඉතිහාසයට අනුව උඩරට අමරපුර නිකායික මධ්‍යම පළාතේ විහාරස්ථාන අතරින් 1853 වසරේදී අංගොඩ බෝධිරාජාරාමය පළමුවද දෙවනුව ඉහගම විහාරස්ථානය ද ඇරබිණි. අප නිකායික විහාරස්ථාන අතරින් ප්‍රථම බුද්ධ ප්‍රතිමාව ඉදිකර ඇත්තේද මෙහිය.සපු ලීයෙන්  කරණ ලද පිළිමය වටා බදාම යොදා සකස්කළ බුදුපිළිමය තැම්පත් කර ඇත්තේද ටැම්  පිට විහාරයකය අප නිකායික විහාරස්ථාන අතරින් ටැම්පිට විහාරයක් මුලින්ම පිහිට උයේ මෙහිය මෙහි  ඉපැරිණි බෝධි වෘක්ෂයක් පවතී බවත්,එනිසාම මුල් අවධියේ මෙම විහාරස්තාථානය බෝගහ මුදුන ආවාසය වූ බවත් ප්‍රකටය.නමුත් මෑත කාළයේ එම  බෝධිය අභාවයට ගොස් තිබේ.දැනට මෙහි පවත්නා චෛත්‍යය ඉදිකර ඇත්තේ 1868 වසරේය.ඒමේ කරුණද වැදගත් වන්නේ අප නිකායික විහාරස්ථාන අතර පැරණිම චෛත්‍යය මෙය වන නිසාය.

                මෙවන් ඓතිහාසික පුරවුර්ත ගණනාවකින්ම ප්‍රභාමත් වන ඉහගම විහාරය උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාතේ සංවර්ධනයටත් විකාශනයටත් පෝෂණයටත් මුලාධාර වී ඇති ස්ථානයකි.අංගොඩ සංඝානන්ද නාහිමියන් ප්‍රමුඛ නිකායේ පහළ වූ ශේෂඨ සංඝ පිතෘන් වහන්සේලා කීප නමක්ම මෙහි     වැඩ වෙසෙමින්  මෙය ක්‍රේන්ද්‍ර කරගෙන නිකායටත් ශාසනයටත් සදා නොමැකෙන සේවයක් සිදු කළහ.පුජ්‍ය අන්ගොඩ  සංඝානන්ද   ආදිකර්තෘ  නාහිමියන්ගේ ශිෂ්‍යවරයන් වූ උඩගම ධම්මානන්ද , අංගොඩ රතනපාල , කුරුකොහොගම ධම්මාරාම ආදී හිමිවරුන් ඉහගම විහාරස්ථානය මුල්කොටගෙන දුම්බර හාරිස්පත්තුව පුරා විසිරී ගොස් සසුන් කෙත සරසා ඇත.

                          ඉන්පසුව බටගලු සග පරපුරට අයත් පල්ලේගම සෝමානන්ද , පෑලව සංඝානන්ද ,අංගොඩ සෝමානන්ද ,අලුත්ගම පඤгඤɔසේන ,බී ධම්මාධාර  ආදී ගරුතර සංඝ නෛතෘන් වහන්සේලා ඉහගම විහාරස්ථානය සංවර්ධනය කල අතර එය මුල්කරගනිමින් සසුන් වැඩ සැදුමට කාලය හා ශ්‍රමය කැප කල බව මහත් අභිමානයෙන් සදහන් කල හැකිය.එම කාල වකවානුව තුල මෙම විහාරස්ථානය ශ්‍රී සුගත මහා විහාරය  නමින් නම් කොට හදුන්වා ඇති අතර අද දක්වාම  ඒනමින් දිවයින පුරාත් විදේශයන්හිත් ප්‍රචලිතව පවතී.එනමින් විහාරය නම් කිරීමට පුජ්‍ය බටගල්ලේ හිමිපාණන් වහන්සේ කටයුතු කල බව කිවයුතුය.

                                  ඉහගම ශ්‍රී සුගත මහා විහාරයේ අද්‍යතන යුගයේ ආරම්භය සනිටුවන් වන්නේ පුජ්‍ය බටගල්ලේ සුමනසාර හිමිපාණන් වහන්සේගේ සමයේ සිටයි.අංගොඩ ශ්‍රී සෝමානන්ද නාහිමියන්ගෙන් පසුව විහාරාධිපති තනතුර ලබන සුමනසාර හිමිපාණෝ මෙම විහාරස්ථානය සංවර්ධනය කරමින් දායක දායිකාවන්ගේ කුදු මහත් කටයුතුද කරමින් අරාජික නොවන්නට ඉඩ නොදී ආරක්ෂා කළෝය.උන්වහන්සේගේ ශාසනික මෙහෙවර තුල අතිශයින්ම අගය කෙරෙන සේවය නම් අගනා ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා කිහිප නමක් ඇතිකොට සසුනට දායාද කරලීමයි.උන්වහන්සේලා අතර දැනට ජ්‍යෙෂ්ඨත්වය ලබන්නේ අගනා සසුන් මෙහෙවරක යෙදී සිටින දොඩගම්මහ ශ්‍රී සුදර්ශනාරාමාධ්පති පුජ්‍ය කොටින්කදඩුවේ සුමනජෝති නාහිමියන්ය.දෙවනුව අනුරාධපුර ප්‍රදේශයේ විශාල ශාශණික සේවයක් සිදුකරන විහාරගම්හි සියලු විහාරස්ථානවල ආධිපත්‍යය  හොබවන ශාස්ත්‍රවේදී පණ්ඩිත ඉහගම ධම්මවංශ නාහිමියන් වැඩසිටින අතර තෙවැන්නා දැනට ඉහගම ශ්‍රී සුගත මහා විහාරාධිපත්‍ය දරණ පුජ්‍ය මාදිපොළ ධම්මික නාහිමියන්ය.

                   ශ්‍රී සුගත මහා විහාරයේ ස්වර්ණමය යුගය අරබෙන්නේ ගරු මාධිපොළ  ධම්මික හිමිපාණන් ආධිපත්‍යට පත්වීමත් සමගයි.එම තනතුරට උන්වහන්සේ පත්වී දැනට වසර විස්සකට ආසන්න වෙයි.එදා මෙදා තුර මෙම විහාරස්ථානය විශාල සංවර්ධනයක් ලබා ඇති බව බොහෝ දෙනා දනිති.

                     ජාතික  ආගමික අධ්‍යාපනික හා සමාජයීය  වශයෙන් ඉමහත් සේවයක් සිදුකරන මෙම විහාරස්ථානය කීර්තිමත් ස්ථානයක් බවට පත්කරලීමට ක්‍රියා කළෝ ගරු මධිපොළ  ධම්මික හිමියෝමය.උන්වහන්සේ කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් හා කැළණි විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බහුශ්‍රැත පඩිවරයෙකු බවට පත්ව සිටිති.දිවයිනේ කීර්තිමත් විද්‍යාලයක් වන නුගවෙල මැදි මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාද වන උන්වහන්සේ උඩරට අමරපුර නිකායික කටයුතුවලදීද මුලිකව කටයුතු කරන ක්‍රියාශීලී හිමිනමකි.ගිහි පැවිදි කා අතරත් ප්‍රචලිත නමක් දිනා ඇති මෙතුමන් වහන්සේ ස්වකීය විහාරස්ථානය සකලාංගයන්ගෙන් පරිපුර්ණ මහා විහාරයක් බවට පත් කරලීමට කටයුතු කිරීම විශේෂයෙන් අගය කල යුතුය.විහාරස්ථානයේ චිර පැවැත්ම හා චිරස්ථිය වෙනුවෙන් සියලු කටයුතු කර ඇත්තේ දායක ප්‍රජාවගේද නොමද සහය ඇතුවයි.

                       දැනට අප නිකායට අයත් තුන්සියයකට අධික විහාරස්ථානයන්හි වැඩ වසන දෙදහසකට අධික මහා සංඝරත්නයේ විශේෂ සැලකිල්ලට බදුන්ව ඇති ඉහගම සුගත මහා විහාරය නිකායේ මුලස්ථානයක් ලෙස උසස් දියුණුවක් සහිතව පවතිනවා දකින්නට කවුරුත් කැමති වෙති.
                         
 ඉහගම
ශ්‍රී සුගත මහා විහාරාධිපති  හිමිවරු 
අතිගරු 
 අංගොඩ සංඝානන්ද  නාහිමි
අතිගරු 
     ජිනරතන  නාහිමි
අතිගරු 
 පල්ලේගම සෝමානන්ද  නාහිමි
අතිගරු
   රාජපුජිත  පෑලව  ධම්මරතන නාහිමි
අතිගරු 
  අලුත්ගම  පඤඤכසෙන නාහිමි
අහිගරු 
  බටගල්ලේ   බී ධම්මාධාර   නාහිමි
අතිගරු 
    අංගොඩ සෝමානන්ද  නාහිමි
අතිගරු
 බටගල්ලේ  සුමනසාර   නාහිමි
අතිගරු
  මාදිපොල  ධම්මික නාහිමි




















































2 comments:

  1. ඉහගම බබසා හා ඉහගම රතනපාල කියන්නෙ දෙන්නෙක්ද එක් කෙනෙක්ද.ඉහගම බබසා ගැන ඉතිහාසයේ සදහන් ආකාරයට ඔහු මුරිසියට පිටුවහල් කර තිබෙනවා.http://mawbima.lk/1-61369-news-detail.html.

    ReplyDelete